ලෝකයේ වෙසෙන මාරාන්තික විෂ සහිත ගෙම්බන් විශේෂයක් පිළිබඳව දැන ගමු.

Golden Poison Frog

  • වෙනත් නම් :- Golden Dart Frog, Golden Poison Arrow Frog
  • විද්‍යාත්මක නාමය :- Phyllobates Terribilis
  • කොලොම්බියා වැසි වනාන්තර වලට ආවේණිකව වාසය කරන සත්ව විශේෂයකි.
  • දිග :- සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 5.5 ක් පමණ වේ.
  • ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා විශාලයි.

විෂ පිළිබඳ තොරතුරු

  • එක් ගෙම්බෙකු තුළ මයික්‍රොග්‍රෑම් 1900 ක පමණ විෂ ප්‍රමාණයක් අන්තර්ගත වේ.
  • ස්පර්ශයෙන් පමණක් මිනිසුන් 10 ත් 20 ත් අතර ප්‍රමාණයක් මරා දැමීමට හැකියාව පවතී.
  • මීයන් 20,000 ක් හෝ ඊට වැඩි ගණනක් මරා දැමීමට හැකියාව පවතී.

ආහාර

  • දිවා කාලයේ දී වැසි වනාන්තර බිම් වල වෙසෙන කෘමි විශේෂ ආහාරයට ගනී. (මැස්සන් මකුළුවන් මයිටාවන් කුහුඹුවන් කුරුමිණියන් දළබුවන් සහ පණුවන්)
  • මොවුන්ගේ බෝවීම බිත්තර මගින් සිදුවේ.
  • මෙම සත්ව විශේෂය වදවීමේ තර්ජනයට ලක්ව ඇත.
  • ඔවුන් සුළු ප්‍රදේශයක ව්‍යාප්ත වී ඇති අතර මොවුන්ගේ වාසස්ථාන විනාශ කිරීමෙන් මෙම සත්ව විශේෂය වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇත

Leave a comment

Design a site like this with WordPress.com
Get started