ලෝකයේ වෙසෙන අධිකතම විෂ සහිත සත්ත්වයා පිළිබඳව දැන ගමු.

Inland taipan

  • විද්‍යත්මක නාමය :- Oxyuranus microlepidotus
  • ජීවත්වීම :- මධ්‍යම හා නැගෙනහිර ඔස්ට්‍රේලියාව
    • ක්වීන්ස්ලන්තය බටහිර හා නිරිත දෙසින්,
    • නිව් සවුත් වේල්ස්හි බටහිර දෙසින්,
    • දකුණු ඕස්ට්‍රේලියාවේ ඊසානදිග කෙළවර දක්වාත්,
    • උතුරු ප්‍රදේශය ගිනිකොන දෙසටත්
  • වාසස්ථාන :- වියළි තැනිතලා හා විවෘත තැනිතලා ආශ්‍රිතව
  • දිග :- වැඩිහිටියන් සාමාන්‍යයෙන් මීටර් 2 ක් පමණ වන අතර උපරිමය මීටර් 2.7 ක් පමණ වේ.
  • බර :- කිලෝග්‍රෑම් 1ත් 2ත් අතර
  • ජීවිත කාලය :- අවුරුදු 10ත් 15ත් අතර
  • උපරිම වේගය :- පැයට සැතපුම් 5ක් පමණ වේ.
  • විලෝපිකයන් :- King Brown Snake (Mulga Snake), Perentie Monitor Lizard
  • ගැහැනු සතුන් වරකට බිත්තර 12ත් 24ත් පමණ සංඛ්‍යාවක් දමනු ලබයි.

ශරීර ලක්ෂණ

  • ශරීරය තද දුඹුරු හෝ ළා දුඹුරු පැහැතිය.
  • යටි බඩ ප්‍රදේශය කහ පැහැයෙන් යුක්තය.
  • ශරීරයේ පුරාවට කළු පාට තිත් රටාවක් විසිරී පවතී.
  • මුහුණ යම් තරමක් කළු පැහැතිය.

ආහාර

  • ක්ෂීරපායින් ආහාරයට ගනියි.
  • විශේෂයෙන් මීයන් විශේෂ (වසංගත මීයන් – Rattus villosissimus)

විෂ ප්‍රමාණය

  • මිලි ග්‍රෑම් 40ත් 45ත් අතර විෂ ප්‍රමාණයක් අන්තර්ගත වේ.
  • එක් සපා කෑමකින් මීයන් 250,000 පමණ මරා දැමීමට හැකියාව පවතී.
  • සාමාන්‍යයෙන් මිනිසුන් 100ක් පමණ මරා දැමීමට හැකියාව ඇත.
    • උපරිමය මිනිසුන් 289ක් පමණ බව වාර්තා වී ඇත.
  • 1955 දී මොවුන්ගේ විෂයට ප්‍රතිවිෂක් නිර්මාණය කර ඇත.
  • එම ප්‍රතිවිෂ නිර්මාණය කිරීමෙන් පසු කිසිදු මරණයක් වාර්තා වී නොමැත.

Leave a comment

Design a site like this with WordPress.com
Get started