ශ්‍රී ලංකාවේ සිටින සර්පයන් අතරින් ඉතාමත් විචිත්‍රවත් සර්ප විශේෂයක් වන “මල්සරා” ගැන දැන ගමු.

පොල් මල් කරවලා (මල්සරා)

  1. විද්‍යාත්මක නාමය :- Chrysopelea Ornata Sinhaleya
  2. සාමාන්‍ය දිග :- අඟල් 30ත් 50ත් අතර
  3. ශරීර වර්ණයන් :- රතු, කොළ, කහ, කළු සහ අළු පැහැතිය.
  • ලෝකය පුරාම මොවුන්ගේ ප්‍රධාන උප විශේෂ 3ක් වාර්තා වෙයි.
  • ශාක මත වාසය කරන ඉතාමත් කඩිසර සර්ප විශේෂයකි.
  • ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් තෙත් කලාපයේ හා අතරමැදි කලාපවල දක්නට ලැබේ.
  • මද විෂ සහිත සර්පයෙකු වෙයි.
  • නිතරම ගස් හා පඳුරු අතර වාසය කරයි.
ශරීර ලක්ෂණ
  • සිහින් සිලින්ඩරාකාර හැඩයක් ගනී.
  • හිස සාපේක්ෂව පැතලි ස්වභාවයක් ගනී.
  • හැකිලුනු ගෙලක් සහිතයි.
  • විශාල ඇස් තුළ රවුම් කණිනිකාවක් පිහිටා ඇත.
  • කොළ පැහැයට හුරු ශරීර වර්ණයක් සහිතය.
  • බොහොමයක් සර්පයින්ගේ ශරීර වර්ණය පෘෂ්ඨීයව කළු පැහැයක් ගන්නා අතර එහි හරස් අතට කහ පැහැති තිත් දැකගත හැක.
  • ශරීරය මධ්‍යයෙහි රතු පැහැති තිත් දැකගත හැක.
  • ශරීරයේ ඉදිරි කොටස ලා අළු පැහැයක් ගන්නා අතර සමහර අවස්ථාවල කහ පැහැති තිත් දැකගත හැක.

විශේෂ ලක්ෂණ

  • උස ස්ථානයක සිට පහළ ස්ථානයකට පැනීමේ ඇති හැකියාවක් පවතී.
  • ඉතා වේගයෙන් ගමන් කිරීමේ හැකියාවක් පවතී.

ආහාර

  • හූනන්, වවුලන් ආහාරයට ගන්නා මොවුන්ට ඉගිලෙන කුඩා පක්ෂීන් පවා අල්ලා ගැනීමට හැකියාව පවතී.

බෝවීම

  • මොවුන්ගේ බෝවීම බිත්තර මගින් සිදුවන අතර වර්ෂා සමයේ ගැහැණු සර්පයා වරකට බිත්තර 6ත් 12ත් අතර සංඛ්‍යාවක් දමයි.

Leave a comment

Design a site like this with WordPress.com
Get started